රටට ලෝක ආධාර ගැනීමට නොහැකි වූ ආණ්ඩුවේ කුමන්ත්‍රණය සජිත් හෙළිකරයි (VIDEO)

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර අර්බුදය පිළිබඳව මාස දහයකට පමණ පෙර ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබු අතර ඊට ආණ්ඩුව ඉඩ දී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ හේතුවෙන් අද වන විට අපට ආධාර ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එදා ඒ සමීක්ෂණය සිදු කළා නම් ලංකාවේ ආණ්ඩුව විසින් ගනු ලැබූ අන්තනෝමතික තීන්දුවල නිරුවත හෙලිදරව් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ අප මුහුණ දී සිටින්නේ ආණ්ඩුවේ අන්තනෝමතික තීන්දු නිසා හටගත් අර්බුද වලට බව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව මේ සියල්ලට වගකිවයුතු බව ද කීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...