අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාර මුදල රුපියල් ලක්ෂ දහය දක්වා ඉහළට!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් නිවාස අහිමි අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන්ගේ පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 7ක නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට රුපියල් ලක්ෂ 10 දක්වා රුපියල් ලක්ෂ 3කින් ඉහළ දමා තිබේ.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ තීරණයක් අනූව එම ඉහළ දැම්ම සිදුකර ඇත.

මීට අමතරව අඩු ආදායම් ලාභී පුද්ගලයන් සහිත පවුල් සඳහා නිවාස අළුත්වැඩියාව වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 3ක මුදල රුපියල් ලක්ෂ 5 දක්වා රුපියල් ලක්ෂ 2කින් ඉහල දැමීමටත්, වැසිකිලි ඉදිකිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක මුදල එක් ලක්ෂ පනස්දහස දක්වා රුපියක් පනස් දහසකින් වැඩි කිරීමටත් එම සභාව තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...