අශෝක ජයතුංග e කොළම.

Date:

🍎ආණ්ඩුව පත්කළ අයම හෙණ ඉල්ලන තැනට පත්වීම…?

🍎සිය තීන්දු ආණ්ඩුවම  රිවස් කිරීම…?

🍎රාජ්‍ය පාලනය කෙතරම් අසීරු ද හා බලය කෙතරම් බර ද..?

🍎මාස 10 ට වැසිකිලි වලක් හාරාගන්නට බැරි බවට වන චෝදනා…?

🍎සතිපතා එන බව කීවද දිනපතා එන ආණ්ඩුවේ ප්‍රහසන…?

🍎ආර්ථික මධ්‍යස්ථාන  වල කෝටි 500 ට අරින ගේමක්…?

🍎රනිල් ගෙන් ඇමෙරිකන් බදු ගැන ටියුෂන්….?

🍎ඇමෙරිකන් මහින්ද  හා කාදිනල්ට අදාළ  අමුතු ස්ථාවර…?

🍎කතෝළික සභාව නිහඬවීමේ රහස…?

🍎සීතාවකට අරුම පුදුම ප්‍රතිචාර….?

🍎වැලිගම ගොං නාට්‍ය ජනතාවට තේරෙන බව මාළිමාවට නොතේරීම .?

🍎ගව ශුක්‍රානු ව්‍යාපෘතිය කොහෙන් නවතීද…?

🍎හන්තානේ ඉඩම් කොල්ලය ගැන මඩේ යළිත් කරළියට….?

[76 වසක සාපයෙන් අනාථව සිටි බව කී ජනතාවට කඩිනමින් ඉර හද කඩා දෙන්නට පැමිණි මාළිමාවට රාජ්‍ය පාලනය යනු කෙතරම් අසීරු හා බලය කෙතරම් බර එකක්දැයි වැටහුණේ පසුවය. මාස 10 කදී වැසිකිලි වලක් හාරගන්නටත් බැරිවු බවට සමාජ මාධ්‍යය කොචොක් කරන්නේ ඒ තුළය. සතිපතා නාට්‍ය පෙන්නන බව ඡන්දෙට පෙර කීවද එය විසුළුකාරී ලෙස දිනපතා සිදුවන්නේ අදහාගත නොහැකි අන්දමිනි.රාජ්‍ය පාළනය අද එකම ප්‍රහසනයක් බව බොහෝ දෙනා කියන තැනට පත්වීම රටක් ලෙස කනගාටුදායකය. රට එතැන පල්වීම ඊට හේතුවය.

ගෙවී යන්නේ ආණ්ඩුවේ රිවස් සතිය ය. මාළිමාව මීට පෙර F6 මත්පැන් නිෂ්පදනාගාරයක් ලබාදුන් බිස්නස් මිත්‍රයාටම රු කෝටි 507 කට මල්ටි ප්ලග් 700 ක ටෙන්ඩරය දී ඇත්තේ විශාල නාස්තියක් හා දුෂණයක් සමග බව පෙරටුගාමී වසන්ත මුදලිගේ බෝම්බයක් පත්තු කළේය. එය අමුලික බොරුවක් හා අඩුම මිලට එය ලබාදුන් බව ඇමතිලා හා ඩෝබිලා ද එය සෝදමින් පස් කන්නට විය. එය දුෂණයක් හා මිත්‍ර සංග්‍රහයක් බව ජනතාවට පසක්වීම තුළ ආණ්ඩුව එය අකුලා ගත්තේ විශාල පසුබෑමක් සමගය. ඔන් ලයින් බඩු ගෙන්වීමට ගැසූ අධික බදු හා දැමූ බැරියර් ද අකුලා ගත්තේ ය.බූරුවන් ගෙන්වා බූරු කිරි රට පැටවීමේ වැඩේ හා සත්ව සංගණනයේ ඊලඟ පියවර ද ආගිය අතක් නැත. අණබෙර ගසා ඇරඹූ ක්ලීන් ශ්‍රි ලංකා මාස 03දී යළි අරඔන බව කීව ද ඒ ගැන ද සද්දයක් නැත.

ආණ්ඩුව අධ්‍යාපනයට අතගසා ඉතිහාසය මකා දමන  බව කියමින් ආණ්ඩුව පත් කරන්නට කැසකැවූ අයම දැන් හෙණ ඉල්ලති. තවද පෞද්ගලිකරණය ජවිපෙට ඇලජික්ය. එහෙත් ආර්ථික මධ්‍යස්ථාන 14 ක් ජවිපෙ නතුකර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවට චෝදනා එල්ලවේ. රු කෝටි 500 කට අධික මුදලක් ජවිපෙ පාළනයට ගැනීම මෙහි යටි අරමුණ බව කියවෙන අතර එසේ කළොත් භාණ්ඩ බෙදාහැරීම නවතා රට අක්‍රිය කරන බව එම වෙළෙන්දෝ කියති. මෙම අරමුදල් මෙතෙක් පාළනය කළේ දිසා ලේකම් හා රාජ්‍ය නිළධාරීන්ය.

ඇමෙරිකන් මහින්ද ට්‍රම්ප් ගේ බදු අවම කරගැනීමට  කැපවිය. එය තවත් අවම කරන සටනේ සිටින්නේ ද ඔහුය. එම ගෞරවය  ජනපති ඔහුට ලබා දුන්න ද සෙසු අය එසේ නොවීම ද වෛරල් වූ කතිකාවකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගිවිසුමකින් එකගවූ ඇමෙරිකාවට ලංකාවට බදු පනවනු බැරිබව රනිල් ඇමෙරිකානු තානාපතිනියට ප්‍රකාශ කිරීම වටිනා ටියුෂන් දීමකි. තවද පොලීසියේ ඉහළම අය පත්කළේ කාදිනල් ගේ ඉල්ලීමට බව සභානායක කී දේ නොදන්නා බව මාධ්‍ය ප්‍රකාශක කීම ගැන ද සමාජ මාධ්‍ය සිසාරා ප්‍රහාර පැතිර යාම ද ආණ්ඩුවට අවාසි මිසක වාසියක් වුයේ නැත. කතෝළික සභාවේ නිහඬ බව කියන්නේ සභානායකගේ කතාව සත්‍ය බව ද. ආගමික නායකයන්  දේශපාලනයට මැදිහත්වීම මීට පෙර සිදුවු දේවල්දැයි නොදනිමු.  ඉදහිට පොඩි සද්ද මිස රටට දැනෙන විරෝධයක් දක්වන්නට විපක්ෂය ක්‍රියා නොකිරීම  ආණ්ඩුවට මහා අස්වැසිල්ලකි.

රහස් ඡන්ද හරහා මන්ත්‍රීලා අලෙවිවීම නවතාලීමට සීතාවක පිරිසක් උසාවි ගිය ද  ලැබුණු ප්‍රතිචාර ගැන සමාජයේ පවතින තර්ක වලින් ද රට ගිණියම්ව තිබේ.ඒ අස්සේ ගව ශුක්‍රානු ගෙන්වා පුනරුදය ඇති කරන වැඩේ කොහෙන් කෙලවර වේදැයි සිතා ගැනීම අසීරුය. වැලිගම මාළිමා මන්ත්‍රීලා පැහැර ගැනීම, එම නිවාස වලට වෙඩි තැබීම ආදී ගොං නාට්‍ය ජනතාවට තේරෙන බව මාළිමාවට නොතේරීමත් ඉතා පුදුමය.තවද උසාවි නියෝගයකින් කිරිැැල්ල පවුලට ැබුණ හන්තානේ  ඉඩම යළිත් මඩේ දමා සෝදන්නට කෝප් කමිටුව ක්‍රියාකිරීම උසාවියට හෑල්ලු කිරීමක් දක්වා යාහැකි බවට මතවාද පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...