ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක. ආර්ථික වශයෙන් ඇමරිකාවට අපිව නැතිව ඉන්න බෑ – ඇමති සුසිල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇතත් රජය මේ වනවිට එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ඔට්ටු වෙමින් සිටින බවත් මෙම බදු පැනවීම අසාධාරණ බවත් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

“අපි රජය විදියට පත්වෙනකොට රට බංකොලොත්. අපි පිටරටින් ගත්ත ණය ගෙවන්නෙ නෑ, පිටරටින් ණය ගන්න බෑ, ණය ගොඩක් ගොඩගැහිලා හිරවෙලා අපි හිටියෙ. නමුත් අපි රජයක් විදියට ඒ ණය ප්‍රතිව්‍යුහගත කරලා, ආර්ථිකය ස්ථාවරය කරලා බංකොලොත්භාවයෙන් ඉහළට ආවා. දැන් ආර්ථිකය අපි පණගහලා නැගිටිමින් ඉන්නවා. ආර්ථිකය ස්ථාවරය ඉස්සරහට යමින් තිබෙනවා. දැන් ඔය මේ දවස්වල කතාවක් තියෙනවානෙ ඇමරිකාවෙන් ට්‍රම්ප් මහත්තයා බදු ගැහුවා කියලා. බදු ගහලා තියෙන්නෙ. ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක ‘නෑ, නෑ, බදු එච්චර අපට ගහන්න එපා, අඩු කරන්න. අපි ආර්ථික වශයෙන් බිඳවැටිලා බංකොලොත්වෙලා නැගිටින රාජ්‍යයක්. අපිට එච්චර බදු ගහන්න එපා, ඒක අසාධාරණයි. අපට සහනයක් දෙන්න’ කියලා මේ වෙනකොට සාකච්ඡා කරනවා. මේ වෙනකොට සාකච්ඡා වට හත අටක් ගිහිල්ලා තියෙන්නෙ. 18 වෙනිදා අපේ රජයේ කණ්ඩායමක් ආයෙ ඇමරිකාවට යනවා. අපි උත්සාහයක් දරමින් ඉන්නවා. අපට සහනයක් ඕනෙ. ඒක අපි ඇමරිකාවත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා. අපි කරුණු කාරණා පෙන්නනවා. ඇමරිකාවට අපි නැතිව ඉන්නත් බෑ, අපිට ඇමරිකාව නැතිව ඉන්නත් බෑ මේ ආර්ථික වශයෙන් ගත්තාම. ඒ නිසා අපි ආර්ථිකය ස්ථාවර කරන පැත්තෙන් ගත්තොත් මේකට ගමේ භාෂාවෙන් කියනවා නම් ඔට්ටු වෙමින් ඉන්නවා. ඒක කළේ නැත්නම් ආර්ථිකය ඉස්සරහට යන්න අමාරුයි, ඒක කළ යුතුයි”

නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (ජුලි 18) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවති “වී අස්වැන්න ඉහළ නැංවීමේ ජාතික මෙහෙයුම” උත්සවය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...