රැට්ටා අත්අඩංගුවේ! (VIDEO)

Date:

”ගෝඨා ගෝ ගම” අරගල භූමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස රට තුළ ප්‍රසිද්ධ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤ වීදිය පොලීසියට අනුබද්ධ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය 25 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අධිකරණ කටයුතුවලට බාධා කිරීම,අධිකරණය පැමිණෙන පුද්ගලයින්ට,පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (30) පස්වරුවේ ඔහු කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණ ඇති අතර ප්‍රකාශය ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

හෙට ( 31) දින ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...