වනජීවී ක්ෂේත්‍රයම අර්බුදයක – රටටම ඉන්නේ පශු වෛද්‍යවරු 12යි!

Date:

කොළඹ LNW:මේ වන විට මුළු රටටම පශු වෛද්‍යවරු සිටින්නේ දෙළොස් දෙනෙක් පමණක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අලි ඇතුන්ට පමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන සියලුම සතුන්ට ප්‍රතිකාර කිරීමට සිටින්නේ එම වෛද්‍යවරු 12 දෙනා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 දෙනයි. ඒ දොළොස් දෙනා තමයි අලින්ට විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන සියලු වනජීවීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්නේ ඒ දොළොස් දෙනා. වෙන රටක ගත්තොත් පශු වෛද්‍යවරයෙකුට ඔහුට ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා.හෙදියකගේ මට්ටමේ වෛද්‍ය සහයකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඔහුට තාක්ෂණික ශිල්පියෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඇතුන් හසුරුවා ගැනීම සඳහා ඇත්ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන්වුණ වනජීවී නිලධාරියෙක් ඉන්න ඕනේ. නමුත් අපේ රටේ ඉන්න මේ වෛද්‍යවරු 12ට එහෙම හෙදියක්,ඇසිස්ටන් කෙනෙක් නෑ. තාක්ෂණික ශිල්පියෙක් නෑ. ඇත් ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන් වුණ වනජීවී නිලධාරියෙක් නෑ. ජූලි මාසේ 10 වෙනිදා වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රට පුර විසිරි සිටින වෛද්‍යවරු 12 දෙනාට වෙඩි තබන ලද ඇතුන් 09 දෙනෙකුට ප්‍රතිකාර කරන්න තිබුණා. ඒ ගණන ජූලි 15 වෙනිදා වෙනකොට දින පහක් ඇතුළත ඒ ගණන 13ක් දක්වා වැඩිකළා.”

විශේෂයෙන් අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමේදී පශු වෛද්‍යවරුන්ට මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙන අතර මෙම කතා බහ අලුත් වුණේ පසුගියදා වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා මිය යාමේ සිද්ධියත් සමඟිනි.

ඒ අනුව මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම ප්‍රමුඛ කාරණයක් ලෙස පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...