*
Sunday, January 19, 2025
spot_img

Latest Posts

කැබලිත්ත රක්ෂිතය ඇල්ලීමට හෙට ආණ්ඩුවේ හිතවතුන් ?

හෙට මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කැබලිත්ත රක්ෂිත වනයට අයත් භූමිය අල්ලා ගැනීම සඳහා ප්‍රදේශයේ චීවරධාරියෙකු,නීතිවේදියෙකු ඇතුළු පිරිසක් උත්සාහ ගන්නා බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇත.එම තොරතුරුවලට අනුව ඔවුන්ගේ මෙහෙයවීම යටතේ හෙට (මැයි 31) විශාල පිරිසක් කැබලිත්ත රක්ෂිතයට කඩා වැදීමේ සූදානමක් ඇති බවද දැන ගන්නට ලැබී ඇත.

විවිධ චෝදනා ගණනාවකට පොලිසියේ චෝදනා ඇති මෙම අනීතික කටයුත්ත මෙහෙයවන චීවරධාරියා ඇතුළු පිරිස විසින් කරන ලද බලපෑම මත මීට පෙරද මෙම රක්ෂිතයෙන් අක්කර 25,000 ක් පමණ නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.නැගෙනහිර ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිත වනයක් වන කැබලිත්ත රක්ෂිතය කුඹුක්කන් ඔය හරහා ඒ අවට වැව් ගණනාවකට ජලය ලබා දීමට පදනම් වන රක්ෂිත වනාන්තරයකි.

රට ආහාර හිඟයක මුවවිට සිටින මොහොතක ප්‍රදේශ ගණනක ගොවි ජනතාවට වගාව සඳහා ජලය ලබා ගැනීමට මූලික වන කැබලිත්ත රක්ෂිතය සංවිධානාත්මකව විනාශ කිරීමට උත්සාහ කිරීම ජාතික අපරාධයක් බව ප්‍රදේශයේ පරිසරවේදීහු පවසති.

නමුත් හෙට රක්ෂිත ඉඩම් බලහත්කාරයෙන් පැහැර ගන්න උත්සාහ කරන පිරිස් වර්ථමාන රජයට හේත්තු වී සිටින විවිධ දේශපාලන පක්ෂවල පිරිස් හරහා දේශපාලන බලය යොදාගෙන පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් අඩපන කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඇත.

මීට පෙර ද මෙම ප්‍රදේශයේ වනාන්තර විනාශ කරමින් කරන ලද ඉඩම් අත්පත් කර ගැනීම්වලින් ප්‍රදේශයේ ගොවිතැනට සහ ජනතාවට වූ සේවයක් නැති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීහු ඒවා අල්ලා ගැනීමෙන් පසු පිට පළාත්වල අයට විකුණා දමා ඇති බවට චෝදනා නඟති.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan