හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

Date:

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබේ.

ඒ, එම නඩුව අද (ජුලි 25) ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් යනාදී විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන සහ ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දිනයේදී වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අගෝස්තු 22 වනදා නඩුව නැවත කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...