වැට් එක 12% දක්වා ඉහළට – වාර්ෂික ආදායම ලක්ෂ 18 ට වැඩිනම් බදු ගෙවන්න සූදානම් වෙන්න

Date:

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක් ඉහළ දමා තිබෙනවා. මීට අමතරව බදු අයකරන සීමා කිහිපයක්ද සංශෝධනය කර තිබෙනවා බවයි අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

මෙතෙක් 08% ක් ලෙස අයකළ වැට් බද්ද 12% ක් දක්වා ඉහළ දමා තිබෙනවා. විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා ඇත.

වැට් ඉහළ දැමීම හරහා රුපියල් බිලියන 156 ක අමතර ආදායමක් උපයා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන අතර මෙම වසර තුළ පමණක් රුපියල් බිලියන 91 ක් උපයා ගැනීමට ඉලක්ක කර තිබෙනවා. වැට් යනු රටේ සාමාන්‍ය ජනතාවට පවා දායකවීමට සිදුවන බද්දකි.

වැට් ඉහළ දැමීම හරහා භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇත.

විදුලි සංදේශ බදු සංශෝධනය හරහා රුපියල් බිලියන 05 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන අතර මෙම වසරේදීම බිලියන 03 ක ආදායමක් බලාපොරොත්තු වේ.

මෙතෙක් ආදායම් බදුවලින් නිදහස් කරන සීමාව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක් ලෙස පැවති අතර නව සංශෝධනය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන පුද්ගලයන්ට රජයට ආදායම් බදු ගෙවීමට සිදු වේ.

බදු අයකළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් ලක්ෂ 30 සිට 12 දක්වා අඩුකර ඇති අතර එක් එක් බදු කාණ්ඩයට 04% සිට 32% දක්වා බදු අනුපාත පැනවීමටද යෝජනා කරයි.

සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බදු අනිවාර්ය කිරීම – වෘත්තිකයන් වැනි පුද්ගලවන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂය ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම – වැට් බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට මිලියන 120 දක්වා අඩු කිරීම ද නව බදු යෝජනා අතර වනවා.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරිම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට මිලියන 500 දක්වා ඉහළ දැමීමත් – 2019 වසරෙන් පසු ලබාදී තිබූ බදු සහන හා බදු විරාම රැසක් ඉවත් කිීමටත් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් යෝජනා කර සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...