මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

සටහන – රුවන් නෙළුගොල්ල

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පැවැත්වීම මත අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ මරදාන පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ ය.

ජුලි 23 වනදා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11,320ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක සහ හඬපට දත්ත හමුවී ඇත.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම චෝදනාව යටතේ ඔවුන් අත් අඩංගුවට ගැනිණි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇති කොස්තාපල්වරුන් තිදෙනා අවුරුදු 22, 30 හා 32 වයස්වල පසුවන්නන් බවත් වාර්තා විය.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...