කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW :

අද (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික වාර්තාවක් තබමින් ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව ඇත. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් විය.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට රෝයල් සෙරමික් ලංකා, මෙල්ස්ටාකෝප්, හේමාස් හෝල්ඩිංග්ස්, LB ෆිනෑන්ස් සහ CT හෝල්ඩිංග්ස් යන සමාගම් ඇතුළුව සමාගම් 97ක කොටස් මිල ඉහළ යාම හේතු වී තිබුණි. මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව, අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...