හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW :

පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එම සිද්ධිය සිදුව ඇත්තේ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ  බව වැඩිදුරටත් වාර්තා වේ.