පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

Date:

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW:

ස්ලෝවේනියාවේ දී 1998, උපත ලැබූ ටඩේජ් පොගකාර් නැවතත් ප්‍රංශ සවාරියේ ශූරතාව දිනා ගෙන ඇත. ඔහු ඒ දස්කම සිව්වරක් කිරීම නිසාම පමණක් නොව තවත් හේතු ගණනාවක් නිසා පොගකාර් සිටින්නේ ලෝක පාපැදි සූරයන්ගේ පරමාදර්ශයක් ලෙස ඇගයීමට සුදුසු සියලු සුදුසුකම් සපුරමින්ය.ඔහු ආක්‍රමණශීලී කඳු නැගීම සහ කාල-අත්හදා බැලීමේ දක්ෂතාව සඳහා වෘත්තීය පාපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛ බලවේගයකි. ඔහු ඒ දස්කම් පාදක කරගෙන 2025 ප්‍රංශ සවාරියට පෙර, ඔහුගේ පෙර ටුවර් ඩි ප්‍රංශ ජයග්‍රහණ තුනක්, ගිරෝ ඩි ඉටාලියා ශූරතාවක් සහ බහු ස්මාරක ජයග්‍රහණ, සමඟ කවදාවත් පාපැදි වීරයින් ගැන කතා කරන විට අමතක කළ නොහැකි නමක් බවට පත්වෙමින් ඇත.

ටඩේජ් පොගකාර් 2025 දී ප්‍රංශ සවාරිය දිනා ගෙන නැවතත් ඔහුගේ බලවත් හැකියාවන් ප්‍රදර්ශනය කර ඇත. ඔහු 2025 ටුවර් ඩි ප්‍රංශය දිනා ගනිමින් පාපැදි ක්‍රීඩාවේ සර්වකාලීන ශ්‍රේෂ්ඨයෙකු ලෙස ඔහුගේ තත්ත්වය තහවුරු කර ගත්තේය. මෙම නවතම ජයග්‍රහණයට පෙර, Tour de France ශූරතා තුනක් (2020, 2021), Giro d’Italia (2024) හි අණදෙන ජයග්‍රහණයක් සහ Liège-Bastogne-Liège (2021, 2024), II Lombardia (2021, 2022, 2023) සහ Tour of Flanders (2024) ඇතුළු ජයග්‍රහණවල ආකර්ෂණීය එකතුවත් අනුව ඔහු පාපැදි වීරයන් ගැන කතා කරන හෙටක ද අද වගේම වටිනාකමකින් කතා කරන්නට සුදුසුකම් ලබා ගෙන ඇති ක්‍රීඩකයෙක්ය.

ඔහුගේ ආක්‍රමණශීලී ධාවන විලාසය, විවිධ භූමි ප්‍රදේශ හරහා රඟ දැක්වීමේ අද්භූත හැකියාව සමඟ ඔහු තම මුල් පාපැදි දිවියේ කුඩා කල සිටමත් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළේය. ඔහු කනිෂ්ඨ කාණ්ඩවල ආධිපත්‍යය දැරීම නිසා ඔහු ඉක්මනින් 2018 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් සංවර්ධන සංචිතයට එක් වූ අතර වේගයෙන් ඉදිරියට ගොස් 2019 දී ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමඟ වෘත්තීය ජීවිතය අරඹා ඇත.

ටඩේජ් පොගාර් එකම වසරේ දැවැන්ත තරඟ තුනක් ජයග්‍රහණය කිරීමෙන් පාපැදි ඉතිහාසය නිර්මාණය කළේය.එය හඳුන්වන්නේ triple crown ජයග්‍රහණය ලෙසය.මීට පෙර එම දක්ෂතාවය දක්වා ඇත්තේ එඩී මර්ක්ස් (1974 දී) සහ ස්ටීවන් රොචේ (1987 දී) පමණක් වීමෙන්ම පොගකාර් කෙතරම් දුර්ලභ හැකියාවක් ඇති විශිෂ්ටයෙකුද යන්න ඔබට තේරුම් ගැනීම අපහසු නැත.

ඔහු 2020 දී පළමු ප්‍රංශ සවාරි ජය ලැබුවේ අවුරුදු 21 දී ය.ඒ පංශ සවාරිය් ජයගත් දෙවන ලාබාලතම ක්‍රිඩකයා හැටියටය.හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන කියමන මෙන් මේ මොහොතේ පොගකාර් ගැන කතා කරන සියලු දෙනාට ඔහු ආරම්භක අවධියේ සිට ලොව පුරා පාපැදි ක්‍රීඩාව ගැන උනන්දුව දක්වන සුවිශේෂී සමාජය තුළ විශ්වාසය ගොඩනගාගෙන තිබෙන බව හඳුනාගත හැකිය.කිසිවෙකු හෝ ඔහු උපතින්ම ගෙනා හැකියාව මත මේ දුලබ ජයග්‍රහණ ලබන බව කිව හැකිය.එහි ඇත්තේ එහෙත් සීමිත සත්‍යයක් පමණි.පොගකාර් ඓතිහාසික පරමාදර්ශි වීරයෙක් බවට පත් වෙන්නේ ඔහු ඒ වෙනුවෙන් පුහුණුවට සහ පාපැදි ක්‍රීඩක විනයට සහ සංයමයට තබන බර අනුවය.විශේෂයෙන් සූරයෙකුට අවශ්‍යය කරන ශික්ෂණය නිර්මාණය කර ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට ඔහු පාපැදි ජීවිතය තෝරා ගත් මොහොතේ සිට නොව තොරා ගත යුතුය කියා තීරණය කළ මොහොතේ සිට කළ කැපවීම් ක්‍රීඩා සංස්කෘතියක් අපේක්ෂා කරන කාට වුව අධ්‍යයනයට සුදුසු මාතෘකාවක්ය.එයට කදිම සාක්ෂිය 2020 සිට 2023 දක්වාම ඔහු ප්‍රංශ සවාරියේ යොවුන් සූරයාගේ කිරුළට හිමිකම් කීමය.ඒ කිරුළ සමඟ අවස්ථා දෙකකදීම ඔහු සමස්ත තරගයේ ජයග්‍රාහකයාද වෙමින් පෙන්වන මෙම දක්ෂතාවය ඔහු ජයග්‍රහණ හඹා යාම වෙනුවෙන් කෙතරම් දුරට තමන්වම කළමණාකරණය කර ගන්නා සහ කැපවෙන බවට සාක්ෂි සපයන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...