ඉදිරියේදී ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණයි. ලූස් අලෙවිය බෑ – පාරිභෝගික අධිකාරිය

සටහන – රුවන් නෙළුගොල්ල

නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ, ඇසුරුම් නොකරන ලද පොල්තෙල්වලට විවිධ ද්‍රව්‍ය කවලම් කර අලෙවිකරන බවට එම අධිකාරියට ලැබුණු පැමිණිලිවලට අදාළව සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.

දිවයින පුරා තෝරාගත් පොල්තෙල් වෙළෙඳසැල් සහ නිෂ්පාදනායතන 75ක් පමණ පසුගියදා පරීක්ෂාවට ලක්කර තිබූ අතර එහිදී ලබාගත් සාම්පල පරීක්ෂාවේදී සාම්පල 22ක පමණ එලෙස වෙනත් ද්‍රව්‍ය කලවම් කර පොල්තෙල් අලෙවිකිරීමට සූදානම් කර තිබෙන බවට තහවුරු වී ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහා ඇසුරුම්කළ පොල්තෙල් පමණක් අලෙවි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය සහ පාරිභෝගික අධිකාරිය සැලසුම්කර ඇත.

ඉදිරියේදී ඇසුරුම් කරන ලද පොල්තෙල් හැර වෙනත් කිසිඳු අයුරකින් පොල්තෙල් අලෙවිය තහනම් වන අතර එලෙස පොල්තෙල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...