යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

Date:

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී ඔවුන්ගේ මළසිරුරු පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පැවසෙන අතර ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව සඳහන්. ඔවුන් දෙදෙනාගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...