නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

Date:

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන් මේ කතාවෙන පොළොන්නරුවේ හෝටෙලේ කොහෙද, වැව් තාවුල්ල කොහෙද, හෝටල් මායිම කොහෙද කියල. ඒක රජ්ජුරුවෝ හැදුවද, සුද්ද හැදුවද, හෝටල් සංස්ථාව හැදුවද, ඩඩ්ලි හැදුවද, කියන එකත් දැන් අවුලක්.

අනික තියඩෝ ලයිට් එකක් හරි සැටලයිට් මැණුම් පහසුකම හරි තියන මිණින්දෝරුවෙකුට උනත් මේ මායිම් ගැන එකවර අදහසක් ගන්න බැරි වෙයි පවතින සංකීර්ණ තත්වේ උඩ.

දැන් මේකට අපූරු විසඳුමක් පුබුදු ජයගොඩ ගේනවා. හැබැයි ඒ විසඳුම හරිම ඓතිහාසිකයි. ඒ කියන්නේ ඒ විසඳුම විසින් ඉතිහාසයට සාධාරණයක් කරනවා. කොයි දේටත් වඩා ලංකාවේ ශේෂ්ඨතම රජ කෙනෙක් හැටියට මම සලකන මහා පරාක්‍රමබාහු රජතුමාටත් සාධාරණයක් වෙනවා.

ඩඩ්ලිටත් සාධාරණයක් වෙනවා. ලාල්ටත් සාධාරණයක් වෙනවා. බලන් ඉන්න අපිටත් සාධාරණයක් වෙනවා. ගොවියන්ටත් සාධාරණයක් වේවි.

ඒ තමයි පරාක්‍රම සමුද්‍රය සහ අනෙක් රජවරු කරපු වැව්වල ඒ පැරණි රජවරු අපේක්ෂා කරපු පුර්ණ ජල මට්ටමක් හෝ ධාරිතාවයක් ඇතිනේ (full capacity). අන්න ඒ මට්ටමට ජලාසේ ජලය පුරවල ඒ පිරුණ මට්ටම ඇතුලේ මොනවා හරි හැදිලා තියනවා නම් ඒවා ඉවත්කරන්න කියන එක.

මට නම් හිතෙන්නේ මේක හරිම සබුද්ධික විසඳුමක් කියල.

නූතන කතිකාව අසමත් වෙන තැනකට ඉතිහාසය නැවත එයාගේම වූ විසඳුම් අරන් එනවා.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...