නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

Date:

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන් මේ කතාවෙන පොළොන්නරුවේ හෝටෙලේ කොහෙද, වැව් තාවුල්ල කොහෙද, හෝටල් මායිම කොහෙද කියල. ඒක රජ්ජුරුවෝ හැදුවද, සුද්ද හැදුවද, හෝටල් සංස්ථාව හැදුවද, ඩඩ්ලි හැදුවද, කියන එකත් දැන් අවුලක්.

අනික තියඩෝ ලයිට් එකක් හරි සැටලයිට් මැණුම් පහසුකම හරි තියන මිණින්දෝරුවෙකුට උනත් මේ මායිම් ගැන එකවර අදහසක් ගන්න බැරි වෙයි පවතින සංකීර්ණ තත්වේ උඩ.

දැන් මේකට අපූරු විසඳුමක් පුබුදු ජයගොඩ ගේනවා. හැබැයි ඒ විසඳුම හරිම ඓතිහාසිකයි. ඒ කියන්නේ ඒ විසඳුම විසින් ඉතිහාසයට සාධාරණයක් කරනවා. කොයි දේටත් වඩා ලංකාවේ ශේෂ්ඨතම රජ කෙනෙක් හැටියට මම සලකන මහා පරාක්‍රමබාහු රජතුමාටත් සාධාරණයක් වෙනවා.

ඩඩ්ලිටත් සාධාරණයක් වෙනවා. ලාල්ටත් සාධාරණයක් වෙනවා. බලන් ඉන්න අපිටත් සාධාරණයක් වෙනවා. ගොවියන්ටත් සාධාරණයක් වේවි.

ඒ තමයි පරාක්‍රම සමුද්‍රය සහ අනෙක් රජවරු කරපු වැව්වල ඒ පැරණි රජවරු අපේක්ෂා කරපු පුර්ණ ජල මට්ටමක් හෝ ධාරිතාවයක් ඇතිනේ (full capacity). අන්න ඒ මට්ටමට ජලාසේ ජලය පුරවල ඒ පිරුණ මට්ටම ඇතුලේ මොනවා හරි හැදිලා තියනවා නම් ඒවා ඉවත්කරන්න කියන එක.

මට නම් හිතෙන්නේ මේක හරිම සබුද්ධික විසඳුමක් කියල.

නූතන කතිකාව අසමත් වෙන තැනකට ඉතිහාසය නැවත එයාගේම වූ විසඳුම් අරන් එනවා.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය සමයේ තරුණයින්...

ටේප් ෆිනිෂ් මැරතන්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී...

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...