මැයි 09 කලහකාරී සිදුවීම් විමර්ශනයට ජනාධිපතිගෙන් කොමිසමක්

මාර්තු 31 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා රටපුරා ඇති වූ කලහකාරී සිදුවීම්, ගිනි තැබීම්, පුද්ගල ඝාතන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිෂන් සභාව පත්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී. අළුවිහාරේ මහතා කොමිසමේ සභාපතිවරයා ලෙසත් ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා ලේකම්වරයා ලෙසත් පත්කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

කොමිසමේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති මන්දිරයේදී සිදු කෙරිණි.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...