*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පිරිස ලබන 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ,මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩැන් ප්‍රියසාද්, වසන්තා හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් 13 දෙනා තවදුරටත් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

එමෙන්ම 17 වන සැකකරුවන අරුණ ශාන්ත මහතා ලබන 6 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර පිටියේ සිදු වූ සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද 01 දන්වා සිටියාය..

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධව සිදු කරන විමර්ශනය අධීක්ෂණය කිරීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළ අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) කමල් සිල්වා මහතා පත් කරන බව පොලිස්පතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ඉදිරි පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත් වරයා පොලිස්පති වරයා ට නියෝග කරන ලදී.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයා නිර්දේශ කළ උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා සිදු කළ නියෝගය ප්‍රකාරව පොලිස් පතිවරයා අධිකරණයේ පෙනී සිටියේය.

හඳුනාගැනීම පෙරට්ටුව සදහා සාක්ෂි කරුවන් 32 ඉදිරිපත් වී සිටියද ඉන් සාක්ෂිකරුවන් පස් දෙනෙක් පමණක් අධිකරණයේ පෙනී සිටි අතර ඉන් සැකකරුවන් තිදෙනෙක් පමණක් හඳුනා ගෙන ඇති බව මහේස්ත්‍රාත් වරයා දැනුම් දුන්නේ ය.

සැකකරුවන්ට ඇප දුනහොත් මහජන කැළඹීමක් සිදුවිය හැකි බැවින් සහ තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඇප නොදෙන ලෙසයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

මෙම පුද්ගලයන් මහජන කැළඹීමක් ඇති කළ හැකි පුද්ගලයන් බව නිරීක්ෂණය නොවන බවත් සාක්ෂි දැනටමත් සටහන් කර ඇති බවත් කියා සිටි මහේස්ත්‍රාත්වරයා පෙරට්ටුව අවසන් කළ සැකකරුවන් හය දෙනා රුපියල් ලක්ෂ 10 ශරීර ඇප මත මුදා හරිමින් ඇපකරුවන්ට ග්‍රාමසේවා සහතික ඉදිරිපත් කරන ලෙස තියෝග කරමින් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

එමෙන්ම 16 වන සැකකරු මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයේ පෙරට්ටුව අවසන් වූ පසු මෙම අධිකරණයේ ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan