චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

Date:

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ ගංවතුර සහ නායයෑම් වැනි ආපදා තත්ත්වයන් මතු ව තිබෙනවා.

ඉන් බෙයිජිං නගරයේ, Hebei, Jilin සහ Shandong යන පළාත්වල ජීවිත හානි මෙන්ම විශාල දේපළ හානි ද වාර්තා වනවා.

ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජීන් පිං මහතා අදාළ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කරමින් අතුරුදහන් වූ හා සිර වී සිටින පුද්ගලයින් සොයා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරට ලක්ව සිටින ජනතාව හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් කර හානි සිදු වීම වහාම අවම කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම අනතුරුදායක හදිසි තත්ත්වයන් වාර්තා වන වහාම අනතුරු ඇඟවීම් සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව පූර්ණ වශයෙන් සහතික කළ යුතු බවද ෂී ජීන්පිං මහතා අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...