වාර්තාගත සංචාරක පැමිණීමක්!

Date:

කොළඹ LNW:මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919ක් ලෙස දැක්වෙයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

එමෙන්ම ජූලි මාසයේ ගතවු දින 27 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජූලි 26 වනදා වන අතර එම ගණන 7,579ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...