වාර්තාගත සංචාරක පැමිණීමක්!

කොළඹ LNW:මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919ක් ලෙස දැක්වෙයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

එමෙන්ම ජූලි මාසයේ ගතවු දින 27 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජූලි 26 වනදා වන අතර එම ගණන 7,579ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...