ඝාතන තැතක් ව්‍යර්ථ වේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:

අද උදෑසන (01) හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු‍ ව්‍යාපාරිකයකු ඝාතන තැතක් ව්‍යර්ථ වී තිබෙන බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එම ව්‍යාපාරිකායා ඉලක්ක කරඑල්ල කළ වෙඩි ප්‍රහාරය පත්තු නොවීමෙන් පසු නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවයි. පැරණි ආරවුලක් මත මෙම මාලු‍ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහා දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් තිබූ බව පැවසේ.