මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්……!

Date:

අශෝක ජයතුංග

අගෝස්තු 03 වොෂින්ටන් LNW :

🍎හිමිවරු හා ලාංකිකයන් රැසක් ඊට එක්වේ…..!

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අද (02) පෙරවරුවේ ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

වීටන් හි පිහිටි මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි මහින්ද සමරසිංහ මහතා, උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුව, පැවැති අදහස් හුවමාරුවේ දී කියා සිටියේ ශ්‍රි ලංකාව සඳහා වන ඇමරිකානු තීරුබදු සහනය ලබා ගැනීම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහනයක් බවයි.

ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ, තමා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර මහින්ද සමරසිංහ මහතා කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත, පැහැදිලි කර සිටියේය.

ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරත් අවම කර ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කියා සිටි මහින්ද සමරසිංහ මහතා, දැනට ලැබී ඇති තීරුබදු සහනය ශ්‍රි ලංකා ආර්ථිකයට ගුණාත්මක බලපෑමක් ඇතිකරනු ඇතිබවත් කියා සිටියේය.

මහින්ද සමරසිංහ මහතා 2021 දෙසැම්බර් මාසයේ සිට ඇඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පත් කිරිමක් මතයි. රට බංකොලොත් බවින් මුදවාලීම, ඩො මිලියන 60 ක ඖෂධ හා පොහොර අර්බුදයෙන් මුදාලීමට හා තීරු බදු අවම කරගැනීම ඇතුළු සෑම අවස්ථාවකදීම තානාපතිවරයා කල මෙහෙය අති මහත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන රාජ්‍යක් ගොඩ නගන තුරු ආයුධ බිම නොතබන බව හමාස් සංවිධානය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්වෛරී නව පලස්තීන...

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තනතුරින් ඉවත් කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගනියි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන්...

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...