Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වේ. ඒ රුසියාවේ නොවොකුයිබයි ෂෙව්ස්ක් ප්‍රදේශයේදීය. 

රුසියාව චෝදනා කරන්නේ, එම ප්‍රහාරවලට යුක්‍රේනය වගකිව යුතු බවයි. ඩ්‍රෝන යානයේ සුන්බුන් තෙල් පිරිපහදු සංකීර්ණයේ ගැටීමෙන් එහි ගින්නක්ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 127 දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ.එම ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැත.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය පවසන්නේ රුසියවේ තෙල් පිරිපහදු, ගුවන් තොටුපළක් සහ කර්මාන්තශාලාවක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාර සිදු කළ බවයි. විදෙස් මාධ්‍ය පැවසුවේ, ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සෝචි ගුවන් තොටුපළේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගනු ලැබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...

උතුරු කොරියාවේ නවතම උත්සාහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ වඩාත්...

ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...