ක්‍රිස් අත එල්ලගෙන ආවත් ඉන්දියාව අල්ලන්න එංගලන්තයට බැරි වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW:

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරගාවලියේ පස්වන ටෙස්ට් තරගය ඉන්දියාවට ලකුණු 6 ක ජයක් හිමි කර දෙමින් අවසන් විය.එහෙත් මේ තරගයේ ලෝකයේම ගෞරවයට අවධානයට පාත්‍ර වූයේ එංගලන්ත ක්‍රීඩකයෙකි.ඔහු ක්‍රිෂ් වෝක්ස් ය.


ඔහු එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමේ පන්දු රකිමින් සිටියදී ආබාධයට ලක් විය.ඒ නිසා එංගලන්ත ඉණිමේ ඔහු පන්දුවට පහර දෙන්න හෝ නාවේය.ඒ නිසා එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ද ආබාධය නිසා ක්‍රීඩා නොකරන තත්ත්වය තුළ,එංගලන්තයට තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් සිටි ක්‍රිස් වෝක්ස්ගේ ද සහය අහිමි වීම යනු බරපතල කඩා වැටීමක්ය.


මේ නිසාම ඉහත ඡායාරූපවලින් දැක්වෙන ආකාරයට ආබාධ සහිතව එංගලන්ත පරාජය වළක්වාගෙන ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්නට වෝකස් එක අතින් පහර දෙන්නට දෙවන ඉණිමේ පිටියට ආවේය.කඩුලු 6 ක් දැවී ලකුණු 35 ක් ජයග්‍රහණයට අවශ්‍යයව සිට පස්වන දිනයේ පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තයට විරුද්ධව මොහොමඩ් සිරාජ් පන්දු යැවූ ආකාරය නිසා ලකුණු 35 කරා යාම විශාල දුරක් වෙමින් තිබිණ.ලකණු අතර සිටි එංගලන්ත කඩුලු රකින්නා ජෙමී ස්මිත් කඩුලු හතරක් අතැතිව ලකුනු 35 කරා යන්නට දවසක් තිබෙන මොහොතේ එංගලන්ත පිතිකරණයේ එංගලන්ත විශ්වාසය විය.එහෙත් උදෑසනම සිරාජ් පළමුවෙන්ම උඳුරා ගත්තේ ස්මිත්ගේ කඩුල්ලය.සිරාජ් එතනින් නොනැවතී කඩුලු තුනක්ම දා ගනිමින් ඉණිමේ කඩුලු 5 ක් ලකුණු 104 ට දවා ගන්නට සමත් වූ අතර එංගලන්ත ඉණිමේ නවවන 357 දී දැවී ගිය පසු ක්‍රිස් වෝකස් තනි අතින් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය.


ගස් ඇට්කින්සන්, වෝකස් සමඟ තවත් ලකුණු 10 ක් එංගලන්ත ඉණිමට එකතු කරන්නට සමත් විය.ජයග්‍රහණයට අවශ්‍යය වූයේ ලකුණු 6 ක් පමණි.වෝකස්ගේ අපහසුතාවය නිසා සෑම පන්දුවකටම වේගයෙන් පන්දුවට පහරදෙන්න උත්සාහ කරමින් සිටි ගස් ඇට්කින්ස්න්ට වැරදිණ.සිරාජ්ගේ පන්දුව කඩුල්ල සිප ගත්තේ එංගන්තයට ලකුණු හයක පරාජයක් හිමි කර දෙමින් තරගාවලියේ එංගලන්තය සතුව තිබුණු ජය, ජය පරාජය නොවිසඳුණු දෙපිළිම තරග දෙක බැඟීන් ජයගත් තරගාවලියක් කරමින්ය.


ක්‍රිස් වෝකර්ස් පන්දුවට පහර දෙන්නට පිටියට ආ හැටි ගැන කවුරුත් කතා කරන්නේ ගෞරවයෙන්ය.එහෙත් වෝකස් ආබාධයට පත් නොවුණානම් එංගලන්තයට මීට වඩා ගෞරවයෙන් කතා කරන්නට ඔහුගේ මැදිහත්වීම සිඳු කරන බව සපුරා ඇත්තක්ය.වෝකස් වැනි පන්දු යවන්නෙක් ඉන්දීය දෙවැනි ඉණිමට බලපෑම් නොකළේය.වෝකස් පළමු ඉණිමේ ආබාධයට ලක්වන විටත් පන්දු ඕවර් 14 ක් යවා එක් කඩුල්ලක් දවා ගෙන සිටියේ ලකුණු 46 ට ය.ඒ නිසා වෝකස්ගේ ඉදිරිපත්විම ගෞරවයට පාත්‍ර කිරීමෙන් නොනැවතී ඔහු මේ තරගයේ තීරණයට බල පෑ ප්‍රබලතම සාධකය බව යන්නත් විශ්වාස කිරීම වැදගත්ය.ඔහු ආබාධයක් සහිතව පිටියට පිවිසීම ගෞරවය කරන්නට කාරණයක් වුව,ඊටත් වඩා ප්‍රබල කාරණය වන්නේ, වෝකස් ආබාධයට ලක් නොවුණානම් තරගයේ තීරණයේ ගෞරවය පමණක් නොව තරගාවලියේ තීරණය සම්බන්ධ ගෞරවයද ඉන්දියාවට නොලැබෙන්නට විශාල ඉඩක් තිබුණු බවය.
තරගයේ ලකුණු විස්තරය – https://bit.ly/3UcInyI

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...