වෛද්‍ය ධම්මිකට වත්කම් බැරකම් ගැටළුවක් නිසා කිසිඳු තනතුරක් ලබා ගැනීමට නොහැකියි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW:

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය සඳහා ඉදිරි කාලය සඳහා පාලනය භාර ගැනීමට සූධානම් පාර්ශවයන් හී නිලවරණයට ඉදිරිපත් කර ඇති නාම යෝජනාවල නීත්‍යානුකූලභාවය සළකා බැලීම එම නිලවරණ කමිටුව විසින් සිඳු කළ අතර එහිදී තනතුරු කිහිපයකටම නාම යෝජනා දෙමින් මෙවර කෙසේ හෝ මලල ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු වූ ධම්මික සේනානායක ගත් උත්සාහය ව්‍යර්ත වුණා.


ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිලවරණ කමිටුවට පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් නොකිරීම නිසා මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් නම්බුවසම්ගේ මූලිකත්වයෙන් යුත් තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුව ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.වෛද්‍ය ධම්මික නිලවරණ කමිටුවට අන් සියළු අපේක්ෂකයින් වත්කම් බැරකම් වාර්තා ඉදිරිපත් කරද්දී ඒ සම්බන්ධයෙන් වන තොරුතුරු ලබා නොඳුන් වෛද්‍ය ධම්මික,එම තොතුරු ක්‍රීඩා වෛද්‍ය ඒකකයට භාර දී තිබෙන බව අනාවරණය කරමින් එම ආයතනයේ පරිපාලන නිලධාරිතුමියගේ අත්සනින් යුතු ලිපියක් ඉදරිපත් කර තිබුණා.


ආදායම් සහ ආදායම් ඉපැයූ හැටි සම්බන්ධයෙන් වන වාර්තාවක් සවිස්තරව විමසා බැලීම නොසළකා හැර ආයතනයේ නිලධාරියෙකුගෙන් ගත් ලිපියක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් වන්නේ නැහැ.නිලවරණ කමිටුව ඉදිරියේ එවැනි අවස්ථාවකදී යම් විරෝධයක් මතුව ආ විට “මං එහෙම නැහැ“ වගෙ වාචික ප්‍රකාශයකින් ගැලවෙන්නට නොහැකි අතර එය සනාත කළ හැකිවන දත්ත සහ තොරතුරු අපේක්ෂකයා සතුව තිබිය යුතුයි.
අමාත්‍යවරයාගේ බලතල යොදා ගනිමින් වත්මන් අමාත්‍යවරයා විහේෂ ප්‍රභූ මට්ටමේ චරිත බවට තමාගේ තනතුර ද ඇතුළත් කොට ක්‍රීඩාවේ ප්‍රායෝගික යෙදීම නොසළකා ඉහළ ක්‍රීඩා පරිපාලන තනතුරුවලට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය කළා.ඒ වරප්‍රසාදයට අනුව මෙවර මලල ක්‍රීඩා සංගමයේ තනතුරකට සඳහා, තනතුරු තුනකටම නාම යෝජනා දෙමින් වෛද්‍ය ධම්මික යම් උත්සාහයක් දැරුවා.එහෙත් එම වරප්‍රසාදය හැර කිසිම තනතුරක් හෝ වෙනත් තත්ත්වයක් පදනම් කරගෙන සෑම අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කළ යුතු ලියවිලි අතරට වත්කම් බැරකම් ප්‍රකාශය ඇතුළත් වෙනවා.එසේ අඩුපාඩුවක් නිසා මලල ක්‍රීඩා නිලවරණයට නාම යෝජනා දුන් අයගෙන් අඩුපාඩුවක් කර ඇත්තේ වෛද්‍ය ධම්මික පමණක් වන නිසා නිලවරණ කමිටුව මලල ක්‍රීඩා පරිපාලන තනතුරු සඳහා නාම යෝජනා ලබා දුන් අයගෙන් නාම යෝජනා පත්‍රය පිළිනොගෙන ඇත්තේ වෛද්‍ය ධම්මිකගේ පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...