ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට 25%ක අමතර තිරුබද්දක් පැනවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් ජනපදය ඉන්දියානු ආනයන සඳහා පනවන ලද මුළු තීරුබදු 50% දක්වා ඉහළ යනු ඇති අතර එය එක්සත් ජනපදය විසින් පනවා ඇති ඉහළම අනුපාතයන් අතර වේ.

රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදුකිරීමට ප්‍රතිචාර වශයෙන් මේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර නව අනුපාතය අගෝස්තු මස 27 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ මත්යංශය සඳහන් කර තිබුණේ, සිය ජාතික අවශ්‍යතා වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සඳහා ඉන්දියාවට අමතර තීරුබදු පැනවීම අතිශය අසාධාරණ බවත්, ඉන්දියාව තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

යුක්රේනයට එරෙහි මොස්කව් යුද්ධයට මුදල් සැපයීමට උදව් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබු මේ සම්බන්ධයෙන් ඉන්දියාව සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය රුසියාවෙන් රසායනික ද්‍රව්‍ය සහ පොහොර ආනයනය කිරීම දිගටම කරගෙන යමින් ඉන්දියාවට නව බදු පැනවීම හෙලා දකින බවයි.

කෙසේ නමුත් දෙරට තවමත් සම්පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අවසන් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...