බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා. ජාතික ආරක්ෂාව කෝ ? – සජිත් (VIDEO)

0
1445

එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහදවල් මහපාරේ මිනිසුන් ඝාතනය කෙරෙන යුගයක් නිර්මාණය වී ඇතැයි පෙන්වාදුන් ඒ මහතා ජනාධිපතිවරයා පොරොන්දු වූ ජාතික ආරක්ෂාව මෙයදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් බරපතළ නඩුවල සාක්ෂිකරුවන් ද මෙලෙස ඝාතනය වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ජාතික ආරක්ෂාව අද කොහේදැයි අසන්නට සිදුව ඇති බවද පැවසීය.

ආණ්ඩුවක පරම යුතුකම ජනතාව ජීවත් කරවීම බවත් ඒ මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති රැස්වීමක් අමතමිනි.

RN