එළඹෙන සතියේ ට්‍රම්ප් සහ පුටින් ඇලස්කාවේදී හමුවන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 15 වන දින අලස්කාවේදී හමුවීමට සුදානම් බව වාර්තා වේ.

ට්‍රම්ප් අගෝස්තු 15 වන දින රැස්වීම සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ අතර පසුව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු විසින් එය තහවුරු කරන ලදී.

පසුගිය කාලය පුරාම පුටින් සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව සිටින බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබු අතර 2022 පෙබරවාරි මාසයේදී රුසියාව තම අසල්වැසියා පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමත් සමඟ ආරම්භ වූ යුද්ධය අවසන් කිරීමට නම් යුක්රේනයට යම් භුමි කලාපයක් අතහැරීමට සිදුවිය හැකි බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා සංඥා කර පැය කිහිපයටක පසු රුසියානු ජනාධිපතිවරයා සමඟ හමුවීම නිවේදනය කර ඇත.

මේ සමබන්ධයෙන් ජාත්‍යන්තර් මාධ්‍ය සඳහන් කර තිබුණේ, රුසියාව නැගෙනහිර යුක්රේනයේ මුළු ඩොන්බාස් කලාපයම අත්පත් කර ගැනීම සහ ක්‍රිමියාව තබා ගැනීම ඇතුළත් ගිවිසුමක් පිළිගැනීමට යුරෝපීය නායකයින් පෙළඹවීමට ධවල මන්දිරය උත්සාහ කරමින් සිටින බවයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු අවසන් වරට පුටින් හමුවූයේ 2021 දී ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති සමුළුවකදී ජෝ බයිඩන් ඔහුව මුණගැසුණු අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...