එළඹෙන සතියේ ට්‍රම්ප් සහ පුටින් ඇලස්කාවේදී හමුවන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 15 වන දින අලස්කාවේදී හමුවීමට සුදානම් බව වාර්තා වේ.

ට්‍රම්ප් අගෝස්තු 15 වන දින රැස්වීම සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ අතර පසුව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු විසින් එය තහවුරු කරන ලදී.

පසුගිය කාලය පුරාම පුටින් සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව සිටින බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබු අතර 2022 පෙබරවාරි මාසයේදී රුසියාව තම අසල්වැසියා පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමත් සමඟ ආරම්භ වූ යුද්ධය අවසන් කිරීමට නම් යුක්රේනයට යම් භුමි කලාපයක් අතහැරීමට සිදුවිය හැකි බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා සංඥා කර පැය කිහිපයටක පසු රුසියානු ජනාධිපතිවරයා සමඟ හමුවීම නිවේදනය කර ඇත.

මේ සමබන්ධයෙන් ජාත්‍යන්තර් මාධ්‍ය සඳහන් කර තිබුණේ, රුසියාව නැගෙනහිර යුක්රේනයේ මුළු ඩොන්බාස් කලාපයම අත්පත් කර ගැනීම සහ ක්‍රිමියාව තබා ගැනීම ඇතුළත් ගිවිසුමක් පිළිගැනීමට යුරෝපීය නායකයින් පෙළඹවීමට ධවල මන්දිරය උත්සාහ කරමින් සිටින බවයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු අවසන් වරට පුටින් හමුවූයේ 2021 දී ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති සමුළුවකදී ජෝ බයිඩන් ඔහුව මුණගැසුණු අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...