නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW:
තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ තෙවන වටය දක්වා ඉදිරියට ඒමට විරේන් නෙත්තසිංහ සහ ආශිංසන හේරත් සමත්ව සිටිනවා.විරේන් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී තෙවන තැනට නම් කර තිබෙනවා.ඔහුට ප්‍රථම වටයේදී නිතරගයෙන් ඉදිරියට ඒමට හැකි වුණ අතර දෙවන වටයේදී ඡායාකොන් සූට්ලේක් ලකුණු 21 – 12 සහ 21 – 16 ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.
ආශිංසන පළමු තරගයේදී කැනඩාවේ ෂුබ් ක්‍රිශාන් ලකුණු 21 – 13 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් කළ අතර දෙවන වටයේදී ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූ තරගාවලිය සම්බන්ධ ශ්‍රේණිගත කිරීමේ 14 වන තැන සිටින එංගලන්තයේ චෝලන් කායන් ලකුණු 21 – 15 සහ 21 – 17 ක් ලෙස පරාජයට පත් කරන්නට කටයුතු කළා.
තරගාවලිය නියෝජනය කරන පංචලී අධිකාරිට සහ දක්ෂිතා ජයතිලකට පළමු වටය ඉක්මවා ජයග්‍රාහී දෙවන වටයට පැමිණීමට අවස්ථාව හිිමි වුණේ නැහැ.
