ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW:

තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ තෙවන වටය දක්වා ඉදිරියට ඒමට විරේන් නෙත්තසිංහ සහ ආශිංසන හේරත් සමත්ව සිටිනවා.විරේන් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී තෙවන තැනට නම් කර තිබෙනවා.ඔහුට ප්‍රථම වටයේදී නිතරගයෙන් ඉදිරියට ඒමට හැකි වුණ අතර දෙවන වටයේදී ඡායාකොන් සූට්ලේක් ලකුණු 21 – 12 සහ 21 – 16 ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.


ආශිංසන පළමු තරගයේදී කැනඩාවේ ෂුබ් ක්‍රිශාන් ලකුණු 21 – 13 සහ 21 – 14 ක් ලෙස පරාජයට පත් කළ අතර දෙවන වටයේදී ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූ තරගාවලිය සම්බන්ධ ශ්‍රේණිගත කිරීමේ 14 වන තැන සිටින එංගලන්තයේ චෝලන් කායන් ලකුණු 21 – 15 සහ 21 – 17 ක් ලෙස පරාජයට පත් කරන්නට කටයුතු කළා.
තරගාවලිය නියෝජනය කරන පංචලී අධිකාරිට සහ දක්ෂිතා ජයතිලකට පළමු වටය ඉක්මවා ජයග්‍රාහී දෙවන වටයට පැමිණීමට අවස්ථාව හිිමි වුණේ නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...