පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ…

හෙලූ දුක් කදුළු වේදනා අපමණ…දන්නෙ වෙන කවුරුන්ද මා හැර..

අප දෙදෙන එක්ව ගෙවූ ඒ කාළය..විසිපස් වසක් ඉක්ම ගිය තැන..

රුදුරු වෙඩි උණ්ඩ…හිත් පිත් නැති අධම මිනිසුන්..

උදුර ගත්තා අපෙන් නේද හැඩකාරයෝ..‍රාජු…

දෙපා වේදනා දෙද්දි.. සයමසක් පුරාවට..තනි රැක්කා මම නුඹ ළඟම..

වෙනදා මෙන් මං පැමිණියත් නුඹට නොරිදෙන්න සැනසෙන්න රැළි අරන් ..

ඒත් අද … නුඹ ගිහින්..සදාකාලික සැනසුමේ නින්දක් සොයන්…

නොඇසේවි අද නුඹට .. මගෙ ඉකිබිඳුම .. හඬන මගෙ හදවතේ ගැස්ම ..

ඉතිං හැඩකාරයෝ..දිනක් ඒවිද යළිත් අප හමුවන..

එතෙක් මඟ බලන මා නුඹේ ආදරණීය කන්ඩලම…..!

රෂිකා හෙන්නායක…