පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ…

හෙලූ දුක් කදුළු වේදනා අපමණ…දන්නෙ වෙන කවුරුන්ද මා හැර..

අප දෙදෙන එක්ව ගෙවූ ඒ කාළය..විසිපස් වසක් ඉක්ම ගිය තැන..

රුදුරු වෙඩි උණ්ඩ…හිත් පිත් නැති අධම මිනිසුන්..

උදුර ගත්තා අපෙන් නේද හැඩකාරයෝ..‍රාජු…

දෙපා වේදනා දෙද්දි.. සයමසක් පුරාවට..තනි රැක්කා මම නුඹ ළඟම..

වෙනදා මෙන් මං පැමිණියත් නුඹට නොරිදෙන්න සැනසෙන්න රැළි අරන් ..

ඒත් අද … නුඹ ගිහින්..සදාකාලික සැනසුමේ නින්දක් සොයන්…

නොඇසේවි අද නුඹට .. මගෙ ඉකිබිඳුම .. හඬන මගෙ හදවතේ ගැස්ම ..

ඉතිං හැඩකාරයෝ..දිනක් ඒවිද යළිත් අප හමුවන..

එතෙක් මඟ බලන මා නුඹේ ආදරණීය කන්ඩලම…..!

රෂිකා හෙන්නායක…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...