Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

Date:

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 18, කොළඹ (LNW):  ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ රංගනය සැමවිටම තීව්‍ර අත්දැකීමක් රසිකයාට ජනනය කරයි. හොවාර්ඩ් හියුස්ගේ මානසිකත්වය, ජෝර්ඩන් බෙල්ෆෝර්ට්ගේ සිතන පතන ආකාරයෙහි සිට හියු ග්ලාස් කටයුතු කරන ආකාරය දක්වා හොලිවුඩයේ සියලු කාලයේ ශ්‍රේෂ්ඨතමයෙකුගේ වැඩ කිඩ අපි නරඹමින් සිටිමු.

e
Paul Thomas Anderson. Shirt and trousers by Loro Piana; Oyster Perpetual 41 watch by Rolex; sunglasses by Brunello Cucinelli.

ඔහුගේ නවතම චිත්‍රපටය වන One Battle After Another ද ඊට කදිම නිදසුනක් සපයනු ඇත. ඩිකැප්‍රියෝ එහි, බොබ් ෆර්ගියුසන් ලෙස පෙනී සිටින අතර, ඔහු නව යොවුන් වියේ දියණියක වන විලාගේ පියා ලෙස සිය රංඟනයෙන් දායක වේ. ඔහුට ප්‍රතිවිරුද්ධව ටෙයානා ටේලර් ඇබ්සන්ඩ් මව ලෙසත්, බෙනිසියෝ ඩෙල් ටොරෝ මිතුරා ලෙසත්, ෂෝන් පෙන් දුෂ්ටයා ලෙසත් කටයුතු කරනු ඇත.

One Battle After Another යනු විශාල පරාසයක් සහිත චිත්‍රපටයකි – මෙය දේශපාලනික මුහුණතක් සහිත ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. නමුත් එහි හරය තුළ ගැබ්ව ඇත්තේ පියෙකු සහ දියණියක් පිළිබඳ කතාවක් වන අතර ඔබ ආදරය කරන පුද්ගලයින් වෙනුවෙන් කරන්නට පුලුවන් උපරිමය ගම්‍ය කරයි.

e
Paul Thomas Anderson

මෙහි රචකයා සහ අධ්‍යක්ෂවරයා Paul Thomas Anderson වන අතර, ඔහුගේ චිත්‍රපට වන Boogie Nights, Magnolia සහ There Will Be Blood ආදිය කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට දෘශ්‍යමය හා බොහෝ විට හිත් ගැස්සෙන ඒවා හෝ හාස්‍යජනක විය හැකි අතර, පොඩි පොඩි ශෘංගාරාත්මක තත්ත්වයන් ද නිරූපණය කරයි.

“One Battle After Another” යනු Paul Thomas Anderson ඩිකැප්‍රියෝ සමඟ කරන ඔහුගේ පළමු චිත්‍රපටය වන අතර මෙය 2025 සැප්තැම්බර් 26 වන දින වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් විසින් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිකුත් කිරීමට නියමිතය.

leo dicaprio
Paul Thomas Anderson
leo dicaprio
Paul Thomas Anderson

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...