ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

අද (15) දින, ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි එම සහකාර මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. වර්ෂ 1947 අගෝස්තු 15 දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීම සැමරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණු අතර සහකාර මහ කොමසාරිස්වරිය විසින් එහිදී ඉන්දීය ධජය ඔසවන ලදි.

තවද, එහිදී ඉන්දීය ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව ඉන්දීය නර්ථන අංග ඉදිරිපත් කිරීම ද සිදුවිය. ඉන්දීය ජනපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මියගේ සුභ පැතුම් පණිවුඩය ඉදිරිපත් කිරීම ද සහකාර මහ කොමසාරිස්වරිය විසින් එහිදී සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බි.එස්. අභයකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ද මහජන නියෝජිතයන්, නිලධාරීන් සහ ඉන්දීය පුරවැසියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...