රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)

Date:

සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්‍රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මේ මොහොතේ ඇමරිකානු හිතවාදී කඳවුර වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාද අනියමින් සහය දක්වන අතර මෙහි බලපෑම ඇත්තේ රටේ පුරවැසියාට බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඇල්ල වැනි ප්‍රදේශවලට වැඩි වශයෙන් පැමිණෙන්නේ රුසියන් සංචාරකයින් වන බවත් රට තුළ මෙලෙස අමනෝඥ ආකාරයෙන් කටයුතු කිරීම තුළ අහිමි වන්නේ හිමි වීමට තිබූ ඩොලර් වන බවත් එයින් බංකොලොත් වන්නේ තවදුරටත් අපගේ රට බවයි විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතාත් මේ මොහොතේ ක්‍රියා කරන්නේ එක්තරා දේශපාලන පුරවැසියකුගේ වුවමනාවට අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතාටද ජනතාව පිළිතුරු දෙනු අත්තේ එදා 09 වැනිදා රාජපක්ෂවරුන්ට දුන් දඬුවමට එහා ගිය එකක් ලෙස යයි ද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...