බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16) උදෑසන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් විනෝද චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව සඳහන්.

එහිදී ලංගම බස් රථයේ රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇති රියදුරා දඹගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 13 දෙනෙක්, පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ද වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...