බණ්ඩාරගේ රන් සිහිනය එලිස් ළඟ රිදී වෙයි

නෙදර්ලන්තයේ පැවති එයින්ඩ්හෝවන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ කිග්‍රෑම් 51 බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දිමට ඉෂාන් බණ්ඩාර සමත් වුණා.සිය ප්‍රතිවාදියාට විනිසුරු විසින් තරගය නවතා දමන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර අවසාන තරගයට පිවිසි බණ්ඩාර අවසාන තරගයේදී සිය බොක්සිං තාක්ෂණය නිවැරදිව කළමණාකරනය කර නොගැනීම හේතු කොට ගනිමින් තියුණු තරගයකින් පසුව එංගලන්තයේ එලිස් ‍ත්‍රෝබ්‍රිජ් හමුවේ පරාජයට පත් වුණා.

ප්‍රථම වටයේ බණ්ඩාර විසින් එල්ල කළ පීඩනය හමුවේ ක්‍රීඩාවේ මූලික සිද්ධාන්තවලට අනුව ක්‍රීඩා නොකිරීම නිසා එලිස් විනිසුරු අවවාදයකට පවා ලක් වුව ද,බණ්ඩාර සිය ප්‍රතිවාදියාව සෘජුව ඉලක්ක කර නොගැනීම නිසා ඔහුගේ ශක්තිමත් ප්‍රහාරයන් එලිස් මත පතිත නොවි අපතේ යනු දක්නට ලැබුණා.තරගය පුරාම කයින් මෙන්ම මනසින් ද සූදානම්ව සිටි එලිස්ගේ සැහැල්ලු හැසිරීම යම් ආකාරයකින් බණ්ඩාර සසල කළ තත්ත්වයක් දක්නට ලැබුණ අතර ඒ නිසා ඇතිවූ කළබලය නිසා ඔහුගේ පහර ඉලක්ක ගත නොවීමට බලපෑවා.

තරගයේ ජයග්‍රහණයේදි ජයග්‍රාහී එංගලන්ත ක්‍රීඩක එලිස්ට ජය සංඛේත පිරිනැමීම ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං සම්මේලන සභාපති ඩයන් ගෝමස් අතින් සිඳු වුණා.තරගය අවසානයේ ජය සංඛේත ප්‍රදානයෙන් පසුව රන් පදක්කම්ලාභි එලිස් හා රිදී පදක්කම්ලාභි බණ්ඩාර ජය සංඛේත ප්‍රදානයට එක් වූ ආරාධිතයින් සහ දෙදෙනාගේ පුහුණුකරුවන් සහ කළමණාකරුවන් සමඟ ඡායාරූපයකට පෙනී සිටියා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...