ශ්‍රී ලංකාව සමග සබඳතා අත්හිටවූ එරෝෆ්ලෝට් මාලදිවයින් ගමන් වාර ඉහළ දමයි.

Date:

රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරෝෆ්ලෝට් ගුවන් සමාගම මාලදිවයින වෙත පැමිණෙන ගමන් වාර ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා. ජුනි 10 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක වනු අැත.

අධිකරණ නියෝගයක් මත එ්රොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් සබඳතා අත්හිටුවීමට එම සමාගම තීරණය කළ අතර මාලදිවයින වෙත පැමිණෙන ගමන් වාර ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර තිබාන්නේ ඊට විකල්පයක් ලෙසයි.

වසරේ ගෙවීගිය කාලසීමාව තුළ මාලදිවයින වෙත පැමිණි රුසියානු සංචාරකයන් ප්‍රමාණය 67000 ඉක්මවා අැති අතර එය එරට සමස්ත විදෙස් සංචාරකයන්ගෙන් 10% කට අාසන්න අගයකි.

එ්රොෆ්ලොට් සමාගමේ නව තීරණය හේතුවෙන් මාලදිවයින වෙත පැමිණෙන රුසියානු සංචාරකයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු අැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...