යාළුයි අපි යාළුයි …. 30 වෙනකල් යාළුයි ….

අග්‍රාමාත්‍යවරයා සහ තමන් අතර විරසකයක් ඇති බවට පළවන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර සුහද සබඳතාවක් ඇති බවත් රටේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා සෑම විටම තමන් එක්ව කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය ජුනි 30 වනදායින් අවසන් වීමටත් නියමිතව තිබේ. ඒ, නන්දලාල් වීරසිංහ මහතා මෙම තනතුරට පත්වූයේ 2016දී මහබැංකු අධිපති වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ධුර කාලයෙහි අවසන් භාගය සඳහා වීම හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...