දේශපාලනය කරනවා නම් රිමාන්ඩ් වෙන්නත් ඕනේ. නැත්නම් ඒ දේශපාලන චරිතය සම්පූර්ණ වෙන්නේ නැහැ!

0
1523

කොළඹ LNW:රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන චරිතය අංග සම්පූර්ණ චරිතයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (24) විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සියලු දේශපාලන පක්ෂ භේද අමතක කර පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කළ යුතු බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ප්‍රජාත්‍රන්තවාදී සමාජයක තියෙන වටිනාකම තේරුම්ගැනීම ඉතාමත් අවශ්‍ය වෙන අතර ඊට අභියෝගයක් වන්නේ නම් රටේ ප්‍රජාත්‍රන්තවාදය අගය කරන සෑම කෙනෙකුම සිය වගකීම සහ යුතුකම සේ සලකා සියලු දේශපාලන පක්ෂ භේද අමතක කරල පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කළ යුතු බවයි එහිදී ඔහු තවදුරටත් පැවසුවේ.

”ඒක නිසා අපි ආරාධනා කරනවා මේ වාඩිවෙලා සිටින සමූහය සියලු දෙනාම ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණෙමින් තිබෙන බව. ඒ නිසා අපිට අපේ දේශපාලන ප්‍රතිපත්තියෙන් තුළ අපි දුක් විඳලා තියෙනවා, හිරේ ගිහිල්ලා තියෙනවා, නොයෙකුත් කරදරවලට අපි ලක් වෙලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රිමාන්ඩ් භාරයට ගත්තයි කියන එක දේශපාලඥයෙක් විදිහට, දේශපාලඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියේ නැත්නම් ඒකේ මේ ප්‍රධාන වශයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ දේශපාලන චරිතය. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් උඩ කෙසේ වෙතත්, මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඉතාමත් කණගාටුදායක‍යි. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂත්, නීතිඥවරුන්, මේ පැමිණ සිටින දේශපාලන පක්ෂ නායකයින් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන බව විශේෂයෙන්ම සඳහන් කරනවා” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ