පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුව පෙන්ටගනය විසින්  චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් බව වාර්තා වේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය සතියේ කළු ජාතික බහුතර නගරය වන වොෂින්ටන් ඩීසී හි අපරාධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ඒ වෙනුවෙන් ජාතික ආරක්ෂක භටයින් සහ ක්‍රියාකාරී රාජකාරියේ යෙදිය හැකි හමුදා සෙබළුන් යෙදවීමෙන් අනතුරුව ඔහුගේ අවධානය චිකාගෝ සහ නිව්යෝර්ක් වෙත යොමු වී තිබේ.

මේ සමබන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් සතිඅන්තයේ දී වාර්තා කර තිබුණේ, වොෂින්ටන් වලින් අනතුරුව ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය චිකාගෝ හා නිව්යෝක් වෙත එල්ලාව ඇති බවත්, දේශීය අපරාධ ඉලක්ක කර ගැනීම සඳහා හමුදා හමුදා භාවිතා කිරීම පුළුල් කිරීම මෙහි අරමුණ වන බවත්ය.

මෙම මෙහෙයුම් ආගම්වාදය සහ ජාතිවාදය සමඟ බැඳී ඇති බව සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරින් ප්‍රකාශ කර ඇති අතර බැල්ටිමෝර්හි , කොලොම්බියා , නිව්යෝර්ක් දිස්ත්‍රික්කයේ ද කළු ජාතික නගරාධිපතිවරු සිටින අතර ට්‍රම්ප් මෙම නගර හඳුන්වා ඇත්තේ මෙම නගර භයානක හා අපිරිසිදු නගර බවත්, කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ ජාලයන් වීදියෙන් ඉවත් කිරීම අරමුණු කරන බවත්ය.

චිකාගෝ නගරාධිපති බ්‍රැන්ඩන් ජොන්සන් xහි සඳහනක් එක් කරමින් ප්‍රකාශ කර තිබුණේ, අපි අපේ මනුෂ්‍යත්වය මේ කෲර පාලකයාට යටත් කරන්ණේ නොමැති බවත්, නගරයට හමුදා වාඩිලෑමක් අවශ්‍ය නොවන බවත් එය අවහිර කිරීමට නඩු පවරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...

ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය...

තර්ජන,ගර්ජන සහ මර්දනයට අපි බය නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නායකත්වය දෙනවා – සජිත්

කොළඹ LNW: තර්ජන, ගර්ජන, මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමට...

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) සිට බලපැවැත්වෙන...