ඉස්ලාමයට ‘අපහාස’ කළ චෝදනාව මත ඇෆ්ගන් මෝස්තර නිරූපිකාවක් තලේබාන් අත්අඩංගුවට

Date:

ඉස්ලාමයට සහ මුස්ලිම් ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානයට අගෞරව කළ බවට චෝදනා මත , තලේබාන් සංවිධානය විසින් සුප්‍රසිද්ධ ඇෆ්ගනිස්ථාන විලාසිතා නිරූපිකාවක් සහ ඔහුගේ සගයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තලේබාන් බුද්ධි ඒජන්සිය විසින් ට්විටර් හි පළ කරන ලද වීඩියෝවක මෙම අත්තඩංගුවට පත් වූවන් මාංචු දමා සිටින දර්ශන දක්නට ලැබේ. හක්කි , තුලාම් සකී ආදී පිරිසක් මෙලෙස අත්තඩංගුවට පත්ව ඇත.
මෙම වීඩියෝපට අතර අත්තඩංගුවට පත්ව සිටින ගුලාම් සකී විසින් හාස්‍යජනක හඬ අනුකරණයකින් අල් කුරාණයේ වාක්‍ය කියවනු දක්නට ලැබෙන අතර හක්කි එයට සිනාසෙන දර්ශන දක්නට ලැබේ.

අත්තඩංගුවට පත් වීමෙන් අනතුරුව හක්කි ඇතුළු මෙම පිරිස දුඹුරු සිරගෙදර නිල ඇඳුමින් සිටගෙන තලෙයිබාන් රජයෙන් හා ආගමික විද්වතුන්ගෙන් සමාව අයැද සිටින වීඩියෝවක් ද නිකුත්ව තිබේ. තලෙයිබාන්වර් විසින් මෙම වීඩියෝවත් සමඟ නිකුත් කරන ලද ටුවිට් පණිවුඩයකින් කියා ඇත්තේ ” කිසිවෙකුට කුරානයේ වාක්‍යයන් හෝ මුහම්මද් නබිතුමාගේ කියමන් අපහාස කිරීමට අවසර නැත.” යන්නයි.

මේත් සමඟ පොදු සමාව පිළිබඳ අන්තර්ජාතික ආයතනය විසින් හක්කි සහ ඔහුගේ සගයන් “වහාම කොන්දේසි විරහිතව” නිදහස් කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.

“හක්කි සහ ඔහුගේ සගයන් රඳවා තබාගෙන සමාව අයැදීමට ඔවුන්ට බලකිරීමෙන්”තලෙයිබාන් වරු ප්‍රකාශනයේ නිදහස අමු අමුවේම උල්ලංඝණය කරන බව පොදු සමාව පිළිබඳ අන්තර්ජාතික අයතනයේ දකුණු ආසියාවේ ප්‍රචාරක සමීරා හමීඩ් ප්‍රකාශ කර තිබේ. ඇයගේ මෙම අදහස් මඟින් ”නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව තලෙයිබාන්වරු කරන වාරණය” හෙළාදැක ඇත.

තලෙයිබාන්වරු මේ පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රතිචාර නොදක්වා ඇති අතර , ඔවුන්ගේ අධිකරණයක් තුළ මෙම මෝස්තර නිරූපිකාව ඇතුළු පිරිසට ලබා දෙන දඩුවම් මෙනවාද යන්න පිළිබඳව කිසිදු අදහසක් මේවන තෙක් ප්‍රකාශව නොමැත.

පසුගිය අගෝස්තු මාසයේ එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමෙන් අනතුරුව එහි බලය ලබාගත් තලෙයිබාන්වරු කාන්තාවන් හා සුළු ජන කොටස් වෙනුවෙන් විවිධ අන පනත් පනවා ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කර ඇත.

තලෙයිබාන්වරු විවේචනය කිරීමත් , ස්ලාමීය ධර්මයට අපහාස කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ඔවුහු සලකති.

” විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂකයින්, කාන්තා ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රාලීය සාමාජිකයින්ට සහය ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකුට බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කර ඇති” බව පොදු සමාව පිළිබඳ අන්තර්ජාතික අයතනය විසින් ප්‍රකාශ කර තිබේ. ඔවුන් තලෙයිබාන් සංවිධානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අවනත වන ලෙසත් , වෙනස් කොට සැලකීමකින් තොරව ප්‍රකාශනයේ නිදහසට , සෑම දෙනාගේම අයිතියට ගරු කරන ලෙසත්” ය.

සශිකලා මධුෂාණී- Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...