රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW :
ගෙවුණු මහ කන්නයේදී වගා හානි සිදු වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි ගෙවීම කඩිනම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව වගා හානි සිදු වූ ගොවීන් විශාල පිරිසකට දැනටමත් වන්දි ගෙවා අවසන් බවයි .
වන්දි ගෙවීමට ඉතිරි වී සිටින ගොවීන්ට අදාල වන්දි මුදල් පිරිනැමීම අද දිනයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි.
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ගොවීන් 365කට ආසන්න පිරිසකට රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් එලෙස පිරිනැමීමට නියමිතව තිබෙන බව සඳහන් වේ .
ඒ අනුව 2024/2025 මහ කන්නයේදී වගා හානි වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 6,150කට ආසන්න ප්‍රමාණයකට අදාලව ගොවීන් 3,422 දෙදෙනෙකු සඳහා ගෙවා ඇති සමස්ත වගා හානි රක්ෂණ මුදල රුපියල් මිලියන 82කට ආසන්න වන බවයි.
