එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සීමා කිරීමේ අරමුණ අනුව යමින් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක නැවත පැනවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මිට පෙර ඉරානය වෙනුවෙන් පනවා තිබු ආර්ථික සම්බාධක 2015 ගිවිසුමක් යටතේ ඉවත් කර තිබු අතර න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එකඟ නොවන්නේ නම් සම්බාධක නැවත ස්ථාපිත කිරීමට තමන් සූදානම් බවයි.

මේ සමබන්ධයෙන් යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති ප්‍රධානියාට ලිපියක් යවමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ඉරානය වෙනුවෙන් සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනියට නීතිමය අධිකරණ බලයක් නොමැති බවත්, නිශේධ බලය යෙදවිය හැකි රුසියාව සහ චීනය යන දෙකම ඉරානයේ ස්ථාවරයට සහාය දක්වන බවත්ය.

ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ මෙම පියවර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එහි අඛණ්ඩ ක්‍රියාවලිය “බරපතල ලෙස අඩපණ” කරන බවත්, එය “සුදුසු ප්‍රතිචාර ලැබෙනු ඇති” “ප්‍රකෝපකාරී සහ අනවශ්‍ය උත්සන්න කිරීමක්” ලෙස හඳුන්වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...