ආණ්ඩුව දැන් සුජාතභාවය ගැන කතා කළාට ඔක්කොටම කලින් දුෂණය එරෙහිව අධිකරණයට ගියේ අපි – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: සුජාතභාවය ගැන කතා කරන ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරිම බවත් ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙන බවත් ඉන් බැහැර නොවන බවත් විපක්ෂ නායකයා කියාසිටියේය.

දූෂණයට වංචාවට හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය වන අතර රජය සහ රජය සම්බන්ධ පාර්ශ්වවලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි බව හෙතෙම ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැති හමුවේදීය.

සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ වන අතර මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සදහන් බවත් භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස, සංස්කෘතික නිදහස ඇති බවත් මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට සියලු දෙනා පෙළගැසී සිටින බවයි ඔහු එහිදී පැවසුවේ.

විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යාමට එක්වන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලදී.

පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු බවත් ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු බවත් මේ සන්නිවේදනයට අත තැබීමට රජය විවිධ උත්සාහයන් දරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...