වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 30) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. තද සුළං හේතුවෙන් ඇතිවියහැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද(30) දින දහවල් 12:11 ට වංකලෙයි, ඕමන්තයි, වෙදමකිලන්කුලම්, කෙලබෝගස්වැව සහ තිරියාය ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...