මලල ක්‍රීඩාව කොටස් දෙකකි.ඒ ජවන හා පිටිය ක්‍රීඩා ලෙස ය.ධාවනය නොවන ඉසව් පිටිය ඉසව් ලෙස හැදින්වෙන අතර පිටිය ඉසව්වවලට පැනීම් සහ වීසි කිරීම් ඉසව් අයත්ය.මෙවර ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ පිටියේ ඉසව්වලදී විශාල අවධානයක් දිනා ගන්නට යාපා පටුනෙන් සැපැමිණි තරුණ තරුණියෝ සමත් වූහ.
ඉතිහාසයට එබී බලද්දී ශ්‍රී ලංකාවට පළමු ආසියාතික රන් පදක්කම දිනා දි ඇත්තේ යාපනයේ නාගලිංගම් එදිරිවිරසිංහම් ය.පසු කලෙක ශ්‍රී ලංකාවට උස පැනීමෙන් වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කර දුන් ක්‍රීඩකයා සේ ම ඔලිම්පික් දක්වාම පරිසාධන මට්ටම සපුරා තරග වැදි මංජුල කුමාර විජේසේක එතනැට ඔසවා තැබීම සඳහා ඔප මට්ටම් කිරීමේ වගකීම මෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභීණි සුසන්තිකා ජයසිංහට රැකවරණය දීමේදී ත් නාගලිංගම් එදරිවීරසිංහම් බොහෝ දේ කළ අයෙක්ය.ජාතියෙන් දෙමළ වීම නිසා බොහෝ තැන් හී අපහසුතා සහ අවමාන විඳින්නට සිදු වුව ද ඔහු ලාංකිකයෙක් වශයෙන් රටේ ආඩම්බරයට බොහෝ දේ කළ අයෙක් විය.
කෙසේ හෝ යුද්ධය උතුර අපෙන් ඈත් කළ දැමීමේ තත්ත්වය තුළ ද රටට යාපනයේ සිට පැමිණි ක්‍රීඩා සම්පත් ආලෝකය එකතු කළේය.එස්.තරණි,ටී අනූෂා,තර්ජණී සිවලිංගම් වැනි ඊට උදාහරණ කිහිපයකි.යුද්ධයෙන් පසු ඔවුන් අහිමි කරගත් රටකට ක්‍රීඩාවෙන් යා හැකිව තිබූ දුර ඔවුන් පහදා දුන්නේය.ඒත් විශේෂයෙන් මලල ක්‍රීඩා පිටියේදී රිටි පැනීමේ ඉසව්වෙන් සහ ඇතැම් විසී කිරිමේ දක්ෂතා හරහා ය.මෙවර ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය යනු එහි කූඨප්‍රාප්තිය ලෙස දැකිය හැකිය.
ඒ අතරට රිටි පැනීමේ ඉසව්වෙන් වාර්තා දෙකක් එකතු විය.ඒ අතරින් වැඩි අවධානයක් යොමු වූ වාර්තාව වූයේ අවුරුදු 23 න් පහළ රිටි පැනීමේ ඉසව්වේ ඒ පුවිතරන් තැබූ මීටර් 5.00 ක වාර්තාවය.ඔහු මීටර් 5.00 ඉක්මවා යාමත් සමඟ එම උසට පැමිණි තෙවැනි ක්‍රීඩකයා වන්නට ඔහුට හැකි විය.මීටර් 5.15 ක උසක් පැනි ජාතික වාර්තාව උසුලන ඉෂාර සඳරුවන් මෙන්ම මීටර් 5.00 උස තරණය කළ ජනිත් එරන්දගේ සමාගමට මේ දස්කම නිසා පුවිතරන්ට ද පිවිසෙන්නට භාග්‍යය ලැබිණි.
එසේම අවුරුදු 18 න් පහළ බාලිකා තරග අංශයේදී පරන්තමාන් අභෂාලිනි මීටර් 3.15 ක් උස පනිමින් එම වයස් ඛාණ්ඩයේ රිටි පැනීමේ වාර්තාව දිනා ගත්තාය.ඇය චාවකච්චේරිය හින්දු විද්‍යාලය නියෝජනය කර අතර ඇයගේ පාසලේම මතියානන් ශලිනි එහි දෙවැන්නිය වූවාය.යාපනය මහජන විද්‍යාලය නියෝජනය කරන නෙසරාසා දක්ෂිතා සහ සී.හෙරීනා පිළිවෙලින් අවුරුදු 23 න් පහළ කාන්තා රිටි පැනීම් ඉසව්වේ පළමුවැනි සහ තෙවන තැන් වලට උරුමකම් කීහ.
අවුරුදු 20 න් පහළ බාලක තරගයේදී මුල් ස්ථාන දෙකම සටහන් වූයේ යාපනයේ ක්‍රීඩකයින්ගේ නම් ඉදිරියේය.අයි අපිනයා යාපනය අරුනෝදය විද්‍යාලයෙන් පළමු තැනට පිවිසෙද්දී දෙවන තැනට පැමිණියේ යාපනය හින්දු විද්‍යාලයේ කේ සොබිසාන් ය.එම ඉසව්වේ සිව්වන තැනට පත් වූයේද යාපනය ක්‍රීඩකයෙකි.ඔහු යාපනය මහජන විද්‍යාලය ියෝජනය කළජේ.කෂ්මිතාන්ය.අවුරුදු 18 න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේ දී ද තෙවන තැන හිමි වූයේ සී තුෂාන්තන්ට ය.එහි පස්වැනි තැනද සිටියේ යාපනයේ ක්‍රීඩකයෙක්ය.
මේ ආකාරයට වීසි කිරිමේ ඉසව්වලදී ද යාපනය ක්‍රීඩකයන්ගේ නම් ජයග්‍රාහි ලේඛණයේ රැඳෙනු නිතර දැකියි හැකි විය.ඒ අතරින් වඩාත් කැපී පෙණුනේ පේදුරුතුඩුව හාර්ඩ්ලි විද්‍යාලයෙන් පැමිණි එස්.මිතුන්රාජ් ය.ඔහු අවුරුදු18 න් පහළ යගුලය ඉසව්වේදි නව තරග වාර්තාවක් හිමි කර ගනිමින් ජය ගත්තේය.
එසේම වතුකරයේ ද්‍රවිඩ පාසල් හරහා මෙවැනි ජාතික තරග නියෝජනය කරනු දැකීම ද දුලබ දසුනකි.මෙවර ක්‍රීඩා උළෙලේ උඩ පුස්සැල්ලාව හින්දු විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදි කුගේන්ද්‍ර ප්‍රශාන් මීටර් 10000 ඉසව්වේ අවුරුදු 23 න් පහළ ඉසව්ව ජය ගත්තේය.ශ්‍රී ලංකාවේ දුර දිවීමට මධ්‍යම කඳුකරය ආශිර්වාදයක් වන අතර එහි වෙසෙන දෙමළ කම්කරු පවුල්වල තරුණ තරුණියෝ එහි ආධිපත්‍යය බොහෝ විට හිමි කර ගනිති.නමුත් ඔව්හූ නිසි පාසල් කාලයක් ගත කර නොමැති,පාසල් මට්ටමින් ක්‍රීඩා නොකළ පිරිස් වෙති.ඒ අනුව බලන කළ කුගේන්ද්‍ර යනු හෙට වතුකරයෙන් මේ දක්වා කැඳවා ගන්නට නොහැකි වූ දක්ෂතාවයක් මුල් අවදියේම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට හඳුන්වා දුන් අවසථාවකි.
තරගාවලිය වෙනදාට වඩා ජයග්‍රහණ රට පුරා විසර ගිය ක්‍රීඩා උළෙලක් විය.එයට ක්‍රිඩාව පුහුණුකිරීම සඳහා අලුත් පරපුරේ පුහුණුකරු ධූර සම්ප්‍රාප්තිය බෙහෙවින් හේතුවන්නට ඇති බව සිතිය හැකිය.දකින්නට ලැබුණු ඒ විසිරුණු තරගකාරීත්වය හෙට රටේ ක්‍රීඩාවට අතිශයින් වැදග්තය.ඒ නිසා කුමන තත්ත්වයක හෝ මෙවර ජාතික කණිෂඨ මලල ක්‍රීඩා තරගාවලිය මලල ක්‍රීඩාවේ ඉදිරි ගමණට රුකුල් දුන් උළෙලක් ලෙස නිර්වචනය කිරීමට හැකියාව ඇත.
මේ සමඟ දැක්වෙන ප්‍රධාන ඡායාරූපයේ ඇත්තේ යාපනයේ රිට හයිය දෙන හිටපු රිටි පැනීමේ ක්‍රීඩකයෙකු වන කනදීපන් ගෝපාලන් තමන්ගේ පුහුණුව යටතේ රිටී පැනිමේ ජයග්‍රහණ හිමිකර ගත් ක්‍රීඩකයින් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවකි.
අභිලාෂිණී
පුවිතරන්
දක්ෂිතා
අභිලාෂිණී
පුවිතරන්
දක්ෂිතා