අසරණ සුනඛයන්ගේ දිවි සුරකිමින් ජලභීතිකාව පිටුදැකීමේ වැඩසටහනක් ගල්ගමුවෙන්

Date:

දැනට දිවයින පුරා බලපැවැත්වෙන ජලභීතිකා (මානව) එන්නත් හිඟය මුල් කොට ජලභීතිකා රෝගය පැතිර යාම මත වටිනා මිනිස් ජීවිත අහිමි වීම වළකා අසරණ සුනඛයන් ගේ ජීවිතාරක්ෂාව සැළසීම අරමුණු කර ගනිමින් ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ වෙසෙන සියලුම සුනඛයන් හට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයේ ජලභීතිකා මර්දන ඒකකය සහ ගල්ගමුව මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව සිදු කෙරෙන මෙම එන්නත් වැඩසටහන මෙහෙයවීම සහ මූල්‍ය දායකත්වය ගල්ගමුව ප්‍රාදේශීය සභාව විසින් දරනු ලැබේ.ඉකුත් වසරේ ද ගල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වෙසෙන හිමිකරුවන් සහිත සහ නිවාස අහිමි සුනඛයන් නව දහසකට මෙම ජලභීතිකා එන්නත් ලබා දීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව කටයුතු යොදා තිබේ. මේ වන විට එම සුනඛ සංඛ්‍යාව දස දහසක් පමණ වෙතැයි අපේක්‍ෂා කෙරේ.

මුළුමනින්ම නොමිලයේ ලබා දෙන මෙම එන්නත් සමඟ හිමි කරුවන් හිමි සුනඛයන්ට නිල් පැහැති සහ හිමි කරුවන් අහිමි සුනඛයන්ට රතු පැහැති කරපටි ලබා දෙන අතර හිමි කරුවන් සහිත සුනඛයන් වෙනුවෙන් එම එන්නත් විස්තර සහිත පශු වෛද්‍ය තොරතුරු සටහන් කළ හැකි අත්පොතක් ද නොමිලේ නිකුත් කරනු ඇත. “ජීවිත කිව්වාම මිනිස් තිරිසන් කාගේත් පොදු උරුමයක්.

මිනිස් තිරිසන් සැමගේ ඒ උරුමය තහවුරු කිරීම වෙනුවට එක් ජීවිත කොටසක පැවැත්ම සඳහා තවත් ජීවිත කොටසක් විනාශ කොට දැමීම ස්වභාවික යුක්තියට ඉඳුරාම පටහැනි දෙයක්. ඒ නිසා අපි මිනිස් තිරිසන් සැමගේ ජීවිත සුරැකෙන අතරේ ජලභීතිකා අවදානම පිටු දැකීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව හැටියට අපි කටයුතු කරනවා” මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. කේ. විමලරත්න මහතා කීය.

එමෙන්ම සත්ව හිමිකම් සහ අහිංසාව පිළිබඳ අතිශය සාධනීය ආකල්ප දරන ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් බාහිර ධන පරිත්‍යාගයකින් ඉදිවන ගල්ගමුවේ ජීවත් වූ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන්ගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් කේන්ද්‍ර කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ළඟදීම ගල්ගමුව, සෙනරත්ගම ප්‍රදේශයේ දී මහජනතාව සඳහා නිරාවරණය වනු ඇත.

මිනිස් තිරිසන් සැම වෙත සම සෙත සම මෙත පැතිරවීම පිණිස ජනතා ආකල්ප පිබිදුවීම මෙම අහිංසා ස්මාරකය තැනවීමේ අරමුණ බව ප්‍රාදේශීය සභා සභාපති එච්. කේ විමලරත්න මහතා කියයි.

විනිවිද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...