ඇමති ප්‍රසන්න රණතුංග පොහොට්ටුවේ සිංහල බෞද්ධ උණ සනීප කරයි (VIDEO)

Date:

පසුගිය මැයි 09 වෙනිදා මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතබමින් ම්ලේච්ඡ ක්‍රියාවන් කිරීමට නායකත්වය දුන්නේ ගම්මට්ටමේ මහා සංඝරත්නය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතමයකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෘජුවම චෝදනා කරයි.

“මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නත් හිතෙන්නෙ නෑ. එදා මැයි 09 වෙනිදා මිනිස්සුන්ව කුලප්පු කරන්න, මේ ගෙවල් ගිනිතියන්න, මේ ම්ලේච්ඡ වැඩ කරන්න, නායකත්වය දුන්නා ගම්මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒකෙ හංගන්න දෙයක් නෑ. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනිතිබ්බෙත් හාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ හාමුදුරුවරු, මේ ආගමික නායකයො මේ මට්ටමට වැටිච්ච එක වුණාම මේ රටේ විනයක් ඇතිවෙයිද කියන එක හිතාගන්න බෑ. හාමුදුරුවරුන්ට අනාගතයේ පාරට බැහැලා යන්න බැරි තත්වයක් මේ රටේ ඉදිරියේදී උදාවෙනවා මෙහෙම ගියොත්”

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි. ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් කතෝලික පල්ලියට ද ඒ මහතා පසුව චෝදනා කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් පෙනී සිටියේ සිංහල බෞද්ධයින්ගේ ගැළවුම්කාර පක්ෂය වශයෙනි. එහෙත් එය ව්‍යාජයක් පමණක් බව එහි ප්‍රබලතමයකු වන ප්‍රසන්න රණතුංග මහතා විසින් සෘජුවම එල්ල කෙරෙන චෝදනා අනුව පෙනී යයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...