චීනයේ මෙතෙක් පැවති විශාලතම ජයග්‍රාහී දින පෙළපාළියේ ෂී, පුටින් සහ කිම් ජොන් උන් එක පෙළට (VIDEO)

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් මස 03:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කර වසර 80 ක් සනිටුහන් කරමින් චීනය අද (03) දිනයේදී චීනයේ මෙතෙක් පැවති විශාලතම විජයග්‍රාහී දින පෙළපාළිය බියිජිංහිදී පැවැත්වීමට සුදානම් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පෙළපාලිය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඇතුළු විදේශීය නායකයින් 26 දෙනෙකු සහභාගී වනු ඇති බව ඇති බව වාර්තා වේ.

අද දිනයේදී පෙළපාලියේදී මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් යානා සිය ගණනක් , ඩ්‍රෝන යානා, හයිපර්සොනික් මිසයිල සහ ප්‍රහාරක ජෙට් වැනි උසස් හමුදා උපකරණ රැසක් ප්‍රදර්ශනය කරනු ඇත.