අහෝසි කරනවා කියූ PTA තවමත් ක්‍රියාත්මකයි – මානව හිමිකම් කවුන්සිලයෙනුත් වාර්තාවක්!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොණු කර තිබෙන මහ කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බවයි අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

මෙරට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

සටහන – පුලී සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන...

පැරිසියේදී සෙලෙන්ස්කි සහ බටහිර නායකයින් අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව සමඟ සාම...

යක්කල ප්‍රහාරය : පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතු දේ ….

යක්කලදි පෙරටුගාමීන්ට එල්ල උන ප්‍රහාරය සම්බන්දයෙන් ආන්ඩුවට විරුද්ධ පිරිස...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...