අඟහරු සමඟ මිත්‍ර වූ Perseverance roverහි නව සුරතලා

Date:

2012 මැද භාගයේදී රතු ග්‍රහලෝකයේ සැරිසැරීමට පටන් ගත් Perseverance rover, පසුගිය මාස හතරකට පමණ පෙර සුරතල් ගලක් සමඟ මිතුරුව ඇති බවත් , මේ වන විට ඔවුන් දෙදෙනා එක්ව ගමන් ගන්නා බවත් NASA ආයතනය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

NASA අයතනයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම Perseverance rover යොදා ගනු ලැබුවේ ඉපැරණි විලක් සහ ගංගා ඩෙල්ටාවක් පිහිටි ජෙසෙරෝ ආවාටය ගවේෂණය කිරීමේ මෙහෙයුමක් සඳහාය.

ග්‍රහලෝකය වටා සැරිසරමින් සිටිය දී ගල් කැබැල්ලක් roverයේ වම්පස රෝදයට ඇතුළු වූ අතර එය සැතපුම් 5.3 ක් වඩා වැඩි දුරක් මේ දක්වා ගමන් කර ඇත .

අඟහරු වෙත යවන ලද roverයේ වත්මන් අවධානය යොමුව ඇත්තේ ඩෙල්ටා ප්‍රදේශය වටා ඇති අවසාදිත පාෂාණ පරීක්ෂා කිරීමටයි. නාසා ආයතනයට අනුව මෙම පාෂාණ නිර්මාණය වී ඇත්තේ වසර බිලියන ගණනකට පෙර ප්‍රදේශයේ ජලය තිබූ අවස්ථාවකදී බව ඔවුන් සැක පල කරයි.

විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ Perseverance හි සුරතල් පාෂාණය මෙහෙයුම්වලට හානියක් නොවන බවයි. එමෙන් ම රොබෝ ගවේෂකයාගේ නව මිතුරා කොපමණ කාලයක් රැඳී සිටිනු ඇත්දැයි බලා සිටීමට සිදු වන බව ඔවුන් තව දුරටත් CNN වෙත ප්‍රකාශ කර තිබිණ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...